ථේරපුත්ත 5 සිසුන්ගෙන් හපන් වැඩක්
අම්බලන්තොට ථේරපුත්ත ප්‍රාථමික විද්‍යාලයේ පාසල් ගේට්ටුව අසල වැටී තිබූ රුපියල් අසූදහසක් පමණ වටිනා රන් මාලයක් හා පෙන්ඩනයක් අහුලා දුන් එම පාසලේ පහ (05) වසර සිසුවියන් සිවු දෙනෙකු ඇගයීමට පාසලේ විදුහල්පතිනිය කේ.කේ.අයි. වින්ධ්‍යා කුමාරි ඇතුළු ගුරු මණ්ඩලය අද (27දා) කටයුතු කෙරිණි.
මෙසේ ඇගයීමට ලක්වුණේ මාලය අහුලා දුන් පහ වසර ඉගෙනුම ලබන එන්.ඒ. පියුමි අහිංසා සිසුවිය සහ ඇය සමග සිටි එස්.ඩබ්. රමුදී ප්‍රමෝද්‍ය , ජේ.සෙනුරි භාග්‍යා ,ජේ. පියුමි අහිංසා නමැති සිසුවියන් වේ.
සිසුන් පසුගිය 18 වැනි සිකුරාදා දින පාසල් ගේට්ට්ටුව අසලදී මාලය අහුලා ගෙන තිබේ. මෙම සිසුවියන් මාලය අහුලාගෙන ගොස් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන ජේ.එම්.අයි. කුමාරි මහත්මියට ලබාදී තිබේ.
අනතුරුව පාසලේ විදුහල්පතිනිය වන කේ.කේ.අයි. වින්ධ්‍යා කුමාරි මහත්මිය විසින් මාලයේ අයිතිකරු සොයා අනන්‍යතාවය තහවුරු කරගැනීමෙන් පසු ඔහුට එම මාලය ලබාදී තිබේ.
මාලයේ අයිතිකරුවූ කේ.ජී. ස්ටැන්ලි මහතාද ළමයින්ගේ එම සත්ක්‍රියාව අගය කරමින් මාලය ලබාගෙන පසුව ඔවුන්ට වටිනා ත්‍යාග ප්රදානයක්ද සිදු කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

