තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම මෙරටට අලුත් සංකල්පයක් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් රංග කලන්සුරිය මහතා පැවසීය. මෙය ජනතාවත් සමග විශේෂයෙන් ග්‍රාමීය මට්ටම සමඟ එක්ව ක්‍රියාත්මක කළ යුතු බවත් මෙහිදී අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සමග අත්දැකීම් බෙදා ගැනීම වැදගත් බවද මෙතෙම පැවසූයේ අද පැවති මාධ්‍ය හමුවකදීහය. ලෝක තොරතුරු දැන ගැනීමේ දිනය සමරමින් මේ මස 28, 29 යන දිනයන්හි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.