තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කර එය කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ.
කථානායක කරූ ජයසූරිය මහතාග් ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එහිදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී තිබේ.
ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාපිත කරනු ලබන ව්‍යූහය වන තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම පිළිබද මෙහිදී දැඩි අවධානය යොමුවී තිබේ.
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීමේදී ජනමාධ්‍ය අමාත්‍යංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය අතර මනා සබඳතාවක් සහිතව එම ව්‍යූහය ක්‍රියාත්මක විය යුතු බව ආණඩුක්රම ව්‍යවස්ථා සභා සාමාජිකයින්ගේ අදහසද වී තිබේ.