දීර්ඝ කාලයක් කතා බහට ලක් වූ තොරතුරු දැන ගැනීමේ පනත හෙට (23) සහ අනිද්දා (24) දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනතාවට අසීමිත වරප්‍රසාදයක් මෙම පනත සම්මත වීමෙන් හිමි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර කතිකයන් රැසක් මෙම පනත සම්බන්ධයෙන් පාර්මේන්තු විවාදයට එක් වන බව ද පැවසීය.