තොරතුරු දැන ගැනීමේ පනත ලබන වසරේ ජනවාරී මාසයේදි හෝ පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදි සම්මත කර ගත හැකි වෙනු ඇති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවැසීය. ස්වාධීන රූපවාහිනි සේවයේ පැවැත්වෙන දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම අගමැතිගෙන් වෙනමම ප්රශ්න ඇසිම සඳහා පාර්ලිමේන්තුවේ කාලයක් වෙන් කරන බවත් ඔහු පැවැසීය.
FCIDය සඳහා වෙනමම නීතියක් ගෙනෙන බවත් ඒ සඳහා කමුවක් පත්කරන බවත් ඔහු පැවැසිය. 1948 වසරෙන් පසුව රටේ ප්රධාන පක්ෂ දෙක ප්රථමවරට කැබිනට් මණ්ඩලයේ එකට වාඩිවෙන බවත් එය රටට විශාල ජයග්රහනයක් බවත් ඔහු පැවැසීය.