ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරනු ලබන විමර්ශන කටයුත්තක් සදහා අවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකක් පොලීසිය විසින් නිකුත් කර තිබේ. මොවුන් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දෙන්නෙකුට රුපියල් මිලියනක ත්‍යාගයක් පිරිනමන බවද පොලිස් මූලස්ථානය පවසයි.
තෙරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවද පොලිස් මූලස්ථානය වැඩි දුරටත් පවසයි.
01. කපීපන් පොන්නයියා සෙල්වනායගම් හෙවත් ගෝපි කාසියන් නමින් හදුන්වන අතර වයස අවුරුදු 31 කි. උස අඩි 06 ක් හා තළෙළු සිරුරක් ඇත්තෙකි. මොහුගේ මුහුණේ වම් පස තොලට උඩින් කැපුම් තුවාල කැලලක් සහිත බව පොලීසිය කියයි.
02. නවරත්නම් නවනීදන් හෙවත් අප්පන් නමින් හඳුන්වන සැකකරු වයස අවුරුදු 36 ක් පමණ වන, උස අඩි 05 අඟල් 02ක්
පමණ තළෙළු සිරුරක් ඇත්තෙක් බව පොලීසිය කියයි.
මොවුන් පිළිබඳ තොරතුරක් දුරකථන අංක 0112451636 හෝ ෆැක්ස් අංක 0112321838 වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලාසිටී.