නුවරඑළිය දිස්ති්රක්කයේ පළාත් පාලන ආයතන 11 කම ලංකා කම්කරු කොංග්රසය සමග එකට එක්ව පාලන බලය ලබා ගන්නා බව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ති්ර සි.බි රත්නායක මහතා පැවසීය.
නුවරඑළිය දිස්ති්රක්කයේ පළාත් පාලන ආයතන ජයග්රහනයෙන් පසු ලංකා කමිකරු කොංග්රසයේ මහා ලේකම් ආරුමුගම් තොන්ඩමන් මහතා සමග අද (11දා) හැටන් නගරයේ පැවති පිළි ගැනීමේ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.
සී.බී. රත්නායක මන්ති්රවරයා තවදුරටත් පැවසුවේ එක්සත් ජාතික පක්ෂයට හිමිවූ පළාත් පාලන ආයතන පොදු ජන පෙරමුණේ තේරි පත් වූ හා බෝනස් මන්ති්ර ධුර හිමි වූ මන්ති්රවරුන් සමග ලංකා කමිකරු කොංග්රසය සමග සන්ධාන ගත වී එම බලය ලබා ගන්නා බවයි.
මෙහිදි අදහස් දැක්වු ලංකා කමිකරු කොංග්රසයේ මහ ලේකම් අරුමුගන් තොන්ඩමන් මහතා කියා සිටියේ වසර දහතුනකට පසු තමන්ට ලද මෙම අති විශිෂ්ඨ ජයග්රහනයත් සමග පොදු ජන පෙරමුණ සමග සන්ධාන ගත වි නුවරඑළිය දිස්ති්රක්කයේ පළාත් පාලන 11 උපරිම සේවාවක් සිදුකරන බවයි.
මේ අතර පළාත් පාලන මැතිවණයට ලංකා කම්කරු කොංග්රසය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරග කළ අතර ඒ වෙනුවෙන් වතුකරයේ පැවැති රැස්වීම් සඳහා ජනපතිවරයා සහභාගීවිය. එම රැස්වීම් සඳහා සැලකිය යුතු මට්ටමක ජනතාවක් එක්ව සිටියහ.