මීගහතැන්න ප්‍රාථමිකයට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු දෙමාපියන් විසින් ඊයේ (27දා) මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය අසලආරම්භ කළ උද්ඝෝෂණය අද (28දා) උදෑසන සිට මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවේ, අදාළ බලධාරීන් අද දහවල් වනතුරුත් කිසිම ප්‍රතිචාරයක් නොදැක්වූ බවත්, ඉල්ලීම් ඉටු වනතුරු මෙම මාරාන්තික උපවාසය අත් නොහරින බවත්ය.
මෙවැනි අසාධාරණයන් බොහෝ අය මගහැර සිටියද ප්‍රදේශයේ ගැටලු සම්බන්ධයෙන් තමන් නිරතුරුවම දිවිහිමියෙන් පෙනී සිටින බවත්, මෙම සිද්ධියේදීද දේශපාලන බලය අත්තනෝමතිකව අයුක්තිසහගතව යොදාගැනීම නිසා ඇතැම් බලධාරීන්ද මෙම දරුවන්ට සිදුකළ අසාධාරණයට වගකිව යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
ප්‍රේමතිලක පෙරමුණ
කළාප අධ්‍යාපන කාර්යාලය අසළ ඊයේ රාත්‍රිය අමාත්‍යවරයා විසින් ගත කළ අයුරු