ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා තේ සඳහා ඉහළ මිලක් ලැබෙන පරිදි ලොව හොඳම තේ වශයෙන් ශ්‍රී ලංකාවේ තේ සතුව තිබූ කීර්තිනාමය යළි නගා සිටුවීම උදෙසා සෑම අංශයක්ම ආවරණය වන පරිදි පුළුල් ජාත්‍යන්තර ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. මෙහි එක් පියවරක් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ෆීනික්ස් ඔගිල්වි ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබුණ අතර එහිදී අමාත්‍යවරයා මේබව පැවසීය.
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ද ෆීනික්ස් ඔගිල්වි ආයතනය වෙනුවෙන් එහි සභාපති අර්වින් වීරක්කොඩි මහතා ද මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබිණි. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දී මෙසේ ගිවිසුමකට අත්සන් කිරීම සිදුවුණ අතර එම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහතා ද එක්වූහ.