වී වගාවට ලබාදෙන පොහොර සහනාධාර මුදල සේම තේ, පොල්, රබර් වගාවන් සඳහාත් පොහොර සහනාධාර මුදල ලබාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
මේ අනුව හෙක්ටයාර එකකට යටත්ව අදාළ මුදල් ලබාදීම සිදුකරන බවත්, ඒ අනුව තේ වගා හෙක්ටයාර එකකට රුපියල් 15,000 ක්, පොල් වගා හෙක්ටයාර එකකට රුපියල් 9,000 ක්, රබර් වගා හෙක්ටයාර එකකට රුපියල් 5,000 ක් වශයෙන් ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.
අදාළ වගාවන් සඳහා වන අයදුම්පත් ක්ෂේත්‍ර‘යේ සිටිනා නිලධාරීන්ගෙන් ලබාගත හැකි අතර, එම අයදුම්පත් අගෝස්තු 31 වැනි දිනට පෙර රජයට බාරදිය යුතු වේ.