තේ ගැටලුව විසඳාගත හැකි අයුරු බන්දුල කියයි
ශ්‍රී ලංකාවේ තේ තහනම් කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය සම්බන්ධව ජනාධිපතිවරයා විසින් රාජතාන්ත්‍රික අත්දැකීම් ඇති නිර්දේශපාලනික නිලධාරීන් සම්බන්ධ කරගෙන වහාම විසඳුමක් ලබාදිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වෙළෙඳ,ආර්ථික, විදේශ ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය කරමින් හසල අත්දැකිමී ඇති විද්වතුන් මෙරට සිටින බවත්,ඔවුන්ගේ උපදෙස් අනුව රජය කටයුතු කළහොත් මෙම ප්රශ්නය විසඳා ගැනීමට හැකිවන බවත් පැවසූ මන්ත්‍රිවරයා ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහාය ලබාදෙන බවද කියා සිටියේය.
එසේ නොමැතිව ශ්‍රී ලංකාවේ තේවල කෘමියෙක් සිටින බවට වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සිදුකර ඇති ප්‍රකාශය ඇතුළුව ආණ්ඩුවේ ඇමතිවරුන් ප්‍රකාශ සිදු කරමින් සිටියහොත් මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලින් ශ්‍රී ලංකාවේ තේ සඳහා ඇති ඉල්ලුම ද පහළ බසිනු ඇති බවත්, මේ අවස්ථාවේදී රටේ ආර්ථිකය ගැන සිතා කල්පනාකාරීව ඇමතිවරු ක්‍රියා කළ යුතු බවත් ගුණවර්ධන මහතා පවසා සිටියේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙසේ පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


