බෝයාවල් දෙකට සවිකළ නළ දෙකක් ප්‍රමිතියෙන් තොරවීම නිසා පසුගිය දිනවලදී බොරතෙල් සහ පිරිපහදු කළ ඉන්ධන ගොඩබෑමට නොහැකිවීම මත තෙල් සංස්ථාවට රුපියල් කෝටි 26 ක පාඩුවක් සිදුව තිබෙන බැවින්, එම පාඩුව ජනතාව මත පටවන්නේ නැති බව සඳහන් කරන්නේ කෙසේද යන්න අමාත්‍යවරයා වහාම රටට හෙළි කළයුතු බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය සඳහන් කරයි.
මැයි මස 27 වැනිදා සිට බොරතෙල් ගොඩබෑමට නොහැකිවීම මත විශාල ප්‍රමාද ගාස්තු මුදලකුත්, අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම පිරිපහදු ඉන්ධන වලින් සපයා ගැනීමට සිදුවීම මත හා පිරිපහදු ඉන්ධන ගොඩබාන බෝයාව අක්‍රීය වීමත් නිසා රුපියල් කෝටි 26 ක පාඩුවක් සිදුව තිබෙන බව එම සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.