ඛනිජ තෙල් සම්පත් වෘත්තීය සමිති එකමුතුව විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයකට එළඹීමේ කාලය ලබන සිකුරාදා (14දා) දක්වා කල් දැමීමට තීරණය කර ඇතැයි ඛනිජ තෙල් අමාත්‍යංශය අද (07දා) සඳහන් කර සිටියේය.
ඒ මේ සම්බන්ධයෙන් අද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවත් පැවසීය.
ඉන්දීය සමාගමකට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පැවරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ලබා දුන් ලිඛිත පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.