මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක තෙල් කාන්දුවක් හේතුවෙන් භූමිතෙල් ලීටර් දස දහසක් පමණ කලපු ප්‍රදේශයට එක්ව ඇති අතර, එම හේතුවෙන් කලපුව ආශ්‍රිතව වෙසෙන ජීවින් මිය ගොස් තිබේ.
කෙසේවෙතත් මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන ඉන්ධන නලයක් භූමිතෙල් යොදාගෙන පිරිසිදු කිරීමට යාමේදී ඊයේ (31) සිදුවූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට තල්දිය වත්ත කලපු ප්‍රදේශයේ සිදුවීමට ගිය විශාල පාරිසරික හානිය අවම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට කටයුතු කළේය.
ශ්‍රීලංනානෞ කැළණි ආයතනයේ සේවය නියුතු නාවිකයකු විසින් මෙම තෙල් කාන්දුව පළමුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කාර්ය මණ්ඩලය හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග එක්ව එය යථා තත්වයට පත්කිරීමට නාවික හමුදාවට හැකිවිය.