තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි මහතා අද (07 දා) දිවයිනෙන් පිටත්ව ගියේය.
ඔහුට මෙරටින් සමුගන්නා අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශේෂ අමුත්තන් පර්යන්තයට පැමිණයහ.
ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඩ් කර්සායි හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (06 දා) පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසුව දෙරට අතර සහයෝගීතා ගිවිසුම් 4 ක් අත්සන් තැබිණි.
ගුවන්තොටුපොල - අංජන ශ්‍රී කුමාර