පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාටම ශල්‍යකර්ම සිදුකළ බව කොළඹ ජාතික රෝහල සඳහන් කරයි.
මෙම නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින බවත්, අනෙක් නිලධාරියා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙන බවද එම රෝහලේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යාද සොයිසා මෙනෙවිය සඳහන් කළාය.