තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල සේවය කරමින් සිටියදී 1978 වසරේදී රැකියා අහිමි වූ සේවක සේවිකාවන්ට දීමනාවක් ලබාදීමට නව ආණ්ඩුව ගෙන ඇති තීරණයට අනුව ඊයේ (18දා) සේවකයන් 48 දෙනෙකුට රුපියල් 25,000 බැගින් පිරිනමනු ලැබිණි.
අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී මෙම දීමනා ලබාදීම සිදුවිය. දින 100 වැඩපිළිවෙළ යටතේ කරුණා සහගත දීමනාවක් වශයෙන් මෙම දීමනාව ලබාදීමට යෝජනා වී තිබෙන අතර, මේ අනුව 1978 මාර්තු මාසයේ පැවැති වැඩ වර්ජනයට සහභාගී වීම නිසා රැකියා අහිමි වූ සේවකයින් 2396 දෙනෙකුට මෙම දීමනාව හිමි වේ. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් 59,900,000 කි.