දකුණුදිග තුර්කියේ විවාහ මංගල උත්සවයක් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 94 දෙනෙකු තුවාල ලබා තිබේ.
ගාසිආන්ටෙප් නගරයේ එළිමහන් විවාහ මංගල උත්සවයක් අතර තුර සිදුවූ මෙම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව පළාත් ආණ්ඩුකාරවරයා විදෙස් වාර්තා වෙත පවසා ඇත.
ගාසිආන්ටෙප් නගරය බහුතර කුර්දි ජනතාවක් වෙසෙන නගරයක් වන අතර, එය සිරියානු දේශසීමාවෙන් කිලෝමීටර් 64ක් ඔබ්බෙන් දකුණුදිග තුර්කියේ පිහිටි නගරයකි.
තුර්කි උප අග්‍රාමාත්‍යවරයා මෙය අතිශය අමානුෂික ප්‍රහාරයක් බව පවසා තිබේ.
නගරයේ විශ්වවිද්‍යාල සිසු සිසුවියන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශයක බවද කියැවෙයි. මෙම පිපිරීමෙන් නගරය ගිගුම් දුන් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ප්‍රහාරයේ වගකීම බාරගැනීමට කිසිවෙකු මෙතෙක් ඉදිරිපත්ව නොමැති වුවත්, මෙම ප්‍රහාරය පිටුපස IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සිටිය හැකි බව තුර්කි රජය විශ්වාස කරයි.
පසුගිය වසර පුරා තුර්කිය ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර මාලාවකට ගොදුරු වූ අතර, පසුගිය ජූනි මාසයේදී ඉස්තාම්බුල් ගුව්න තොටුපොළට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.