පළමු ජනරජ ව්‍යවස්ථාව සහ දෙවන ජනරජ ව්‍යවස්ථාව සකසන විට ආණ්ඩුපක්ෂයන්ට තුනෙන් දෙකක බලයක් තිබුණු අතර එදින පක්ෂයෙ උවමනාවට ව්‍යවස්ථාව සකස්කර ඉදිරියට ගියබැවින් ඒවායේ අඩුපාඩුකම් තිබුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක බලයක් නොමැති බවත් ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියළුම පක්ෂ එකතුව ව්‍යවස්ථාව සකස්කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝලයේ පැවති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට සහභාගිවෙමිනි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රුසත් එක්ව සිටියහ.