තුන්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අද (04දා) මහරගම තරුණ සේවා සභාවේ පිහිටි යොවුන් පාර්ලිමේන්තුවේදී රැස්වේ.
මෙම අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු දේශපාලඥයන් කිහිප දෙනෙකු සහභාගී වීමට නියමිතය.
රටපුරා පිහිටි යොවුන් සමාජ නියෝජනය කරන තරුණ තරුණියන්ගේ ඡන්දයෙන් යොවුන් සමාජ නියෝජනය කරන නියෝජිතයන් 160 ක් තෝරාපත් කරගෙන තිබෙන අතර, මීට අමතරව විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයන් 65 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන තිබේ. මේ අනුව සභිකයන් 225කින් සමන්විත යොවුන් පාර්ලිමේන්තුවට අද දිනයේදී අග්‍රමාත්‍යවරයෙකු, කථානායකවරයෙකු සහ අමාත්‍ය මණඩලයක් පත් කරගැනීම සිදු වේ.
මෙවර යොවුන් පාර්ලිමේන්තුවට පත්වූ සියලු දෙනාට තම බල ප්‍ර‘දේශය තුළ තරුණ කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.