ජී.එස්.පී. ප්ල්ස් සහනය සහිතව ශ්‍රී ලංකාවට යුරෝපා වෙළඳපොළට සිකුරාදා සිට අතුළු විය හැකි බව යුරෝපා සංගමය සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමයට අපනයනය කරන භාණ්ඩ සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය සිකුරාදා සිට බලාත්මක වෙනු ඇත.
ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගමයේ තානාපති තුන්ග් ලායි මර්ගියූ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (16දා) මේ බව නිවේදනය කළේය.