හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නිකුත් කළ නියෝගය ජුනි මස 21දා තෙක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණ මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
එසේම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු අතිරේක මහේස්ත්රාත්වරයාට නොතීසි නිකුත් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
නීතිපති විසින් ගොනු කළ ඇප ප්‍රතිෂෝධන අයැදුම්පතක් සළකා බැලූ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉහත නියෝගය නිකුත් කළේය. නීතිවිරෝධී අලි පැටවෙකු ළග තබාගත්තේ යැයි හිටපු අතිරේක මහේස්ත්රාත්වරයාට එරෙහිව නඩුවක් පවතියි.