එක්සත් ජනතා සන්ධාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යධුරයක් එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අද (10දා) හමිවනු ඇති බව වාර්තාවෙයි.
මහනුවර ජනපති මැඳුරේදී මෙම දිවුරුම්දීම සිදුවීමට නියමිත අතර බොහෝවිට එම ඇමතිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හෙබවූ සෞඛ්‍ය ඇමතිධුරය වෙනු ඇති බවත් වාර්තා වෙයි.