පසුගිය ජනාධිපතිවරණ සමයේදී විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාජ අත්සන් සහිත ගිවිසුමක් මාධ්‍යයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එ.ජා.ප. හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකිරීමට බලාපොරොත්තු වන බව රහස් පොලීසිය අද (03) කොළඹ කොටුව මහේස්ත්රාත්වරයාට දැන්වීය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද දින මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවූ අතර, තිස්ස අත්තනායක මහතාද අධිකරණයේ පෙනී සිටියේය.
සැකකාර එ.ජා.ප. හිටපු මහලේකම්වරයාට 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය මෙහිදී කරුණු දක්වා සිටියේය. එම පනතට අනුව යම් අයෙකු විවිධ ජාතීන්, ආගම් අතර වෛරී හැඟීම් ඇතිවන ලෙසට කටයුතු කිරීම වරදක් ලෙසට දක්වා ඇත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විභාගය අගෝස්තු මස 05 දාට කල්තබන ලදී.