එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හා පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත්, ඔහු හැප්පුණේ ශ්‍රී ලංකාවේ ඉහලම පුද්ගලයන් දෙදෙනා වන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
පසුගිය මැතිවරණ සමයේදී තිස්ස අත්තනායක මහතා පක්ෂය හැරදා යාම පිළිබඳව කතාකළා නම් ඔහුට සන්ධානයට යාමට ඉඩ නොදෙන බවත් දේශපාලනයේදී පරාජය වූ අය ගණන් නොගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
කොළඹදී අද (06දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.