(UPDATE) එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය එජාප ජාතික රනිල් වික්‍රසිංහ මහතා වෙත යොමුකර තිබේ.
කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බාරගෙන නැත. තවදුරටත් මහ ලේකම් තනතුරේ රැදී සිටින්නැයි ඔහුගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
මේ අතර තිස්ස අත්නායක මහතා ආණ්ඩුවට එක්වීමට සූදානම්වන බවට තොරතුරු වාර්තා වීමත් සමග ඔහුව පක්ෂයේ රඳවා ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා ආරම්භකර තිබේ.
හෙරල් සේනාධීර/ ඉන්දික හේවාවිතාරණ