ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුචි නුවර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ශාඛාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු, ඉන්දීය පොලීසිය එහි ආරක්ෂාව සහතික කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු 'අද' ට පැවසීය.
ඊයේ (2දා) පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකන් කාර්යාලයේ වීදුරු ජනේලයකට හානි සිදුව තිබූ බව හෙතෙම පැවසීය.
කෙසේ වෙතත්, හෙට (4දා) දිනයේ සිට එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.