විවිධ වර්ගයේ තියුණු ආයුධ රැගෙන ලොරි රථයකින් ගමන් කරමින් සිටි 11 දෙනෙක් ඊයේ (17දා) රාත්රියේදී බණ්ඩාරවෙල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් දියතලාව හල්දුම්මුල්ල බණ්ඩාරවෙල, අම්බලන්ගොඩ, කුලියාපිටිය, සොරගුනේ, කරඳගොල්ල, බිබිල යන ප්රදේශවල පදිංචිකරුවෝ වෙති.
කඩු, පිහි, කියත් පටි, දම්වැල්, යකඩ බට ඇතුළු ආයුධ කිහිපයක් එහි තිබී සොයාගෙන ඇත.