තිදෙනෙකු සතු ඇ.ඩො.මි.3393ක කළු සල්ලි ඩුබායි බැංකුවේ
රජ පවුලක සාමාජිකයෙක් සතුව බිලියන 1.089ක්,ව්‍යාපාරික මන්ත්රීවරයෙක්සතුව ඩොලර් මිලියන 504ක් හිටපු ලේකම්වරයෙක් හා ආයතන සභාපතිවරයෙක් සතු බද්ධ ගිණුමක ඩොලර් බිලියන 1.8ක්
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න
ඩුබායිහි බැංකුවක කළු සල්ලි ඇමෙරිකානු ඩොලර් මිලියන 3393 ක් තැන්පත්කර ඇති මෙරට පුද්ගලයන් තිදෙනෙකු පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(14දා) අනාවරණය කළේය.
ඒ අතරින් එක් පුද්ගලයෙකු රජ පවුලක සාමාජිකයෙකු බවත්, ඔහුගේ ගිණුමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.089 ක මුදලක් තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
එම රජපවුලට කිට්ටු සම්බන්ධතාවක් ඇති ව්‍යාපාරික මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඇමෙරිකානු ඩොලර් මිලියන 504 ක් ඇතිබවත්, එමෙන්ම පසුගිය රජයේ හිටපු ලේකම්වරයෙකු සහ ආයතනයක සභාපතිවරයෙකුගේ එකතුවෙන් ඇති බද්ධ ගිණුමක ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 තැන්පත්කර ඇති බවත් රාජිත සේනාරත්න මහතා හෙළිකළේය.
එම පුද්ගලයන්ගේ ඩුබායි බැංකු ගිණුම් පිළිබඳ තවදුරටත් තොරතුරු ලැබෙමින් පවතින බවත්, සිංගප්පූරු බැංකු ගිණුම්පිළිබඳ තොරතුරු ලැබී නොමැතිබවත් හෙතෙම සඳහන් කළේය.
අදාළ ගිණුම් සම්බන්ධසියලුම දත්ත මේවනවිට ලැබෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා, ඒ සියල්ල ලැබුණු පසු මේසම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පවසා සිටියේය.