තෑගි ඔප්පුවක් අධිකරණ තීන්දුවකින් තොරව අවලංගු කිරීමට තෑගි දීමනාකරුවෙකුට ලැබී තිබූ බලය, බලයලත් අධිකරණයක් විසින් නියෝගයක් මත පමණක් අවලංගු කළ හැකි ආකාරයට නීති සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ (12දා) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.
තෑගි ඔප්පුවක් අධිකරණ තීන්දුවක් ලබාගැනීමකින් තොරව අවලංගු කිරීමට තෑගි දීමනාකරුවෙකුට හැකි බවට අධිකරණය විසින් තීන්දුවක් ලබාදී තිබූ බවත්, එම තීන්දුව අභියාචනාධිකරණය විසින්ද ස්ථිර කර තිබූ බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.
මේ නිසා තෑගි ඔප්පු ඒකපාර්ශ්විකව අවලංගු කිරීමට දීමනාකරුවන් කටයුතු කළ බවත්, මේ නිසා තෑගි ලැබුම්කරුවන්ගේ මානව හිමිකම් පිළිබඳ ගැටලු ඇති වූ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මීට අමතරව තෑගි ඔප්පු මගින් හිමි වී ඇති දේපළ ඇප සුරැකුම් වශයෙන් තබාගෙන ණය දෙන ආයතනද දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවට වාර්තා වූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ නිසා නිසි බලය ඇති අධිකරණය විසින් කරන නියෝග මත පමණක් තෑගි ඔප්පු අවලංගු කිරීමට විධිවිධාන සැලසීම වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කළ බවද ඒ මහතා සඳහන් කළේය.