තැපැල් අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවලදී ගැටලු විසඳීමට අදාළව යහපත් ප්‍රතිචාර ලැබුණ බවත්, මේ නිසා හෙට (10දා) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ තැපැල් සේවක වර්ජනය තාවකාලික නවතා දැමූ බවත් තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
නව බඳවා ගැනීමේ පටිපාටිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හෙට (10දා) සමස්ත තැපැල් සේවකයන්ට රාජකාරියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බවද එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව අද පැවැති සාකච්ඡාවලදී විසඳුම් ලබාදීමට පොරොන්දු වූ නිසා වර්ජනය තාවකාලිකව අත්හිටු වූ බවද හෙතෙම පවසා සිටියේය.