සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේය. ගැටලු කිහිපයක් මුල්කර ගිනිමින් මේ වනවිට තැපැල් දෙපාර්තුමේන්තුවේ සේවකයෝ අතිකාල සේවාවේ යෙදීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක පසුගියා (12දා) රාත්‍රියේ සිට නිරත වෙමින් සිටිති.
නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍ර‘ලේඛ නිකුත් කර තිබෙන නිසා සියලුම සේවකයන් සේවයට වාර්තා කළ යුතු බවද ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සේවකයන් ආරම්භ කර තිබෙනා වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව අද (15දා) දිනයේදී වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවයි.