එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව නිල තැපැල් ඡන්ද දැක්වීම් පත්රිකා තැපෑලට භාරදීම මෙම මස 11දා සිදුකිරීමට නියමිත බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසීය.
එමෙන් ම තැපෑලෙන් ඡන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලැබූ රාජ්ය සේවකයන්ගේ නාමලේඛන ඊයේ (08දා) දිස්ත්රික් මැතිවරණ කාර්යාලවලදී සහතික කෙරුණු බවද ඒ මහතා සඳහන් කර ඇත.
දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල හා පොලිස් නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 22දා සිදුකරන අතර, සෙසු රාජ්ය නිලධාරීන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම 25 සහ 26 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතව තිබේ.