මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්රතිඵල නිකුත් කිරීමක් සිදු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
තැපැල් ඡන්ද සලකුණු කළ පත්රිකා සියල්ලම මැතිවරණය පැවැත්වෙන දින අදාළ පළාත් පාලන ආයතනයට යොමු කරන බවත්, එහිදී ගණන් කිරීම සිදුකරන තැපැල් ඡන්ද ජනතාවගේ ඡන්ද සමග එකතු කර ප්රකාශයට පත්කරන බවත් කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
මීට අමතරව එම මැතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂකයන් ගෙන්වීමට කටයුතු නොකරන බවද හෙතෙම පවසා සිටියේය.