එළඹෙන පාළාත් පාලන ඡන්දයට නිමිත තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අනිද්දා 22දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන නිසා ළඟම පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට තම අයදුම්පත් භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අතර 23දා ලැබෙන කිසිදු අයදුම්පත්‍රයක් භාර නොගන්නා බැවින් තැපැල් ස්ථාන වෙත භාරදී නොමැති සියලුම අයදුම්පත් අතින් ගෙනවිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාර දෙන ලෙස ද කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.