තැපැල් ඡන්ද අයදුම්පත් 15 දා මධ්‍යම රාත්‍රිය පෙර
පළාත් පලන ආයතන 93 ක් සඳහා ප්‍රකාශයට පත්කර තිබෙන ඡන්ද විමසිමට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරිමට බලාපොරොත්තු වන රාජ්‍ය නිලධාරින් දෙසැම්බර් 15 දින මධ්‍යම රාත්‍රි 12.00 පෙර අදාළ අයදුම් පත් එවිය යුතු බව මැතිවර්ණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද විමසිම සිදුකරන පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි වී සිටින ඡන්ද රාජකාරි සඳහා යෙදවීමට නියමිත රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සේවකයින්, විදුහල්පතිවරුන් හා ගුරුවරුන් එම පළාත් සේවයේ නියුතු ගමනාගමන සේවකයින්, නිලධාරින්, දුම්රිය සේවකයින් හා නිලධාරීන් හා හමුදාවේ හා පොලිස් සේවයේ නියුතු අයට සිවිල් ආරෂක බලකා සාමාජිකයින්ට තැපැල් ඡන්දය ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබන බවද එම කොමිශන් සභාව පෙන්වා දෙයි .
තැපල් ඡන්දය දිම සඳහා හිමිකම් ඇති සියළුම ඡන්ද දායකයින් ගේ පහසුව සඳහා පළාත් පාලන ආයතන වල නාම ලේඛනය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වල ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවර්ණ කොමිෂන් සභාව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


