තැන් දෙකකදී පොදුජන පෙරමුණට ඡන්දය දෙන්නැයි ඩිලාන් කියයි
පදියතලාවේදි හා දෙහිඅත්තකණ්ඩියේදී එක්සත් ජාතික් පක්ෂය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරො මහතා පවසයි.
බදුල්ල රිවර්සයිඩ් හෝටලයේදී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පලාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් ගේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
“පක්ෂයේ අර්බුධය සාමයෙන් නිමාර කර ගැනීමට මම තරම් මහන්සිවූ කෙනෙක් නැහැ. අවසානයේ බැරිම තැන මම ඕන නම් දණ ගහල වදින්නම් මහාචාර්යතුමා කියල ජී.එල්.පීරිස් පප්පට මම කිව්වා .
ශ්‍රීලංකා නිදහස් පක්ෂය කඩන්න අදත් ජී.එල්.පීරිස් මහත්තයගේ පක්ෂයේ තාම වෑයම් කරනවා .
ඒ වෑයම පිටුපස ඉන්න සියලු දෙනාට මම එක ආයාචනයක් කරන්න කැමැතියි. අපේ තාමත් පොදු හතුරා එක්සත් ජාතික පක්ෂය මිසක් වෙනකෙනෙක් නොවෙයි .
අපේ පක්ෂයේ නාම යෝජනා පත් 2 ක් ප්‍රතික්ශේප උනා .ඒ දෙහිඅත්ත කණ්ඩිය හා පදියතලාව , එලෙස අපේ පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ශේප උන නිසා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනා ඒ ජන්ද බල ප්රෙදේශවල එක්සත් ජාතික පක්ෂය පරාජය කලහැකි ජී එල් පීරිස් පප්පගේ පක්ෂයට සහාය දෙන්න කියා මා ඉල්ලා සිටිනවා .ඒ පප්පට තියෙන කැමැත්ත නිසා නොවෙයි .යූ එන් පීය පරද්දන්න ඕන නිසයි.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


