සකස් කිරීමට යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳව තැන තැන විවේචනය නොකර පාර්ලිමේන්තුවට තම අදහස් ඉදිරිපත් කරන්නැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සියලුම පක්ෂවලින් ඉල්ලා සිටියි.
එසේ නොමැතිනම් මහජන අදහස් ලබාගැනීමට පත්කර තිබෙන කමිටුවට අදහස් දක්වන ලෙසත්, පක්ෂවලට තම අදහස් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්කර එකම සභාවක් බවට පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
සිදු කිරීමට යන කටයුත්තේ අඩුපාඩු පෙන්වාදෙන ලෙසත්, එසේ නොමැතිව සකස් කිරීමට යෝජිත ව්‍යවස්ථාවේ නැති දේවල් ප්‍රකාශ කර ජනතාව නොමඟනොයවන ලෙසත් සභානායකවරයා ඉල්ලා සිටියි.