පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත කූරගල ඓතිහාසික පූජාභූමිය නිරීක්ෂණය කිරීමට තමන්ට මෙතෙක් නොහැකි වූ බව සංස්කෘතික කටයුතු අමාත්‍ය නන්දමිත්‍ර ඒකනායක මහතා පැවසීය.
අද (29දා) පෙරවරුවේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම ස්ථානය සම්බන්ධ සාකච්ඡාවක් කිරීමට යම් යම් සංවිධාන ඉල්ලීම් කර තිබුණද, පසුගිය කාලයේ තමන් දැඩි අවිවේකීතාවයකින් පසු වූ බැවින් එම අවස්ථාවන් ලබාදීමටද නොහැකි වූ බවයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 150 ක් පිරීම නිමිත්තෙන් පවත්වන විශේෂ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරිමට මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණි.