අ.පො.ස. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හදාරන සිසුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉදිකරන විශ්වවිද්‍යාල විද්‍යායතන සියල්ලේ වැඩ කටයුතු 2016 වසරට පෙර අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.
මෙරට ඉදිකරන විශ්වවිද්‍යාල විද්‍යායතන 25 න් 10 ක ඉදිකිරීම් කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතී. මේ විශ්වවිද්‍යාල විද්‍යායතන සහ සමස්ත වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය සංවර්ධනය කරලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 2600 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයිද ඔහු කීය.
එක් විද්‍යායතනයක් සඳහා සිසුන් 300 බැගින් සිසුන් 750කට උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබාදීමට මින් හැකියාව තිබේ.