ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය කොන්දේසි විරහිතව ලබාදෙන බව චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් චැංග් වන්ගුඅන් මහතා පැවසීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග ආරක්ෂක අමාත්‍යාංශයේ අද (20දා) පැවැති විශේෂ සාකච්ඡාවේදී මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.
චීනයේ දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේආරක්ෂකඅංශයසඳහාපුහුණුඉඩප්රස්තා, තාක්ෂණිකදැනුමසහයුදඋපකරණඉදිරියේදීද ලබාදෙන බව මෙහිදී හෙතෙම ප්‍රකාශ කළේය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් සමග පැවැති මෙම සාකච්ඡාවේදී මහජන චීන සමූහාණ්ඩුව දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ආරක්ෂක අංශ දියුණුවට ලබාදෙන සහයෝගය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විශේෂ ඇගයීමටලක්කළේය.
දශක තුනක් පුරා මෙරට පැවැති ත්‍රස්තවාදය පරාජය කිරීමට චීන රාජ්‍යය ලබාදුන් සහයෝගය සිහිපත් කළ අමාත්‍යවරයා, චීන ආරක්ෂක අමාත්‍ය ජනරාල් චැංග් වන්ගුඅන් මහතා තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණීම අගය කළේය.
මෙම සංචාරයත් සමග ශ්‍රීලංකාවේ සහ චීනයේ ආරක්ෂක අංශ අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය වූ බව පෙන්වා දුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොන්දේසි විරහිතව මෙරට ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට ප්‍රතිඥා ලබාදීම අගය කරන බවයි.
චාමර සම්පත්/ සජිත් ගයාන්