ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ පොලිස් සිවිල් ආරක්ෂක අංශ සාමාජිකයන්ට විශාල වරප්‍රසාද ප්‍රමාණයක් ලබාදීම සඳහා විරුසර කාඩ්පත හඳුන්වා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මීට අමතරව ආබාධිත රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වලටත් මෙම කාඩ්පත මගින් විශාල සහන ප්‍රමාණයක් ලැබෙන බවත්, මෙම සහන ලබාදීමට මේ වනවිට රාජ්‍ය හා පෞද්ගලික ආයතන 45 ක් අත්වැල් බැඳගෙන සිටින බවද ඔහු පවසා සිටියේය.
කාඩ්පත රණවිරුවන්ට සහ පවුල්වල පිරිස්වෙත ලබාදීම ජනවාරි 25 වැනි දින සිට සිදුකරන බවද සඳහන් කළේය.