ත්රිරෝද රථයක් ගසක ගැටී පෙරළීමෙන් සිදුව අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (14දා) රාත්රියේ රොටුඹ ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. ත්රිරෝද රථය රියදුරට පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ත්රිරෝද රථයේ පසුපද ගමන් ගමන් පුද්ගලයන් තිදෙනෙකි.