දිවයින පුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියදුරන්ට ඉදිරියේදී ප්‍රථමාධාර පුහුණුවක් ලබා දීමට නියමිත බවත් ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවැසීය.
මාර්ග අනතුරු නිසා දිනකට අට දෙනෙකු මිය යන බවත්, අනතුරට ලක්වූවන් රෝහල් ගත කිරීම වැඩි වශයෙන් ත්‍රිරෝද රථ යොදාගනිමින් සිදුකරන බැවින් ඔවුන්ට ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමට නියමිත බව අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
එසේම පොලීසිය හා එක්ව ත්‍රිරෝද රථ පරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.