මගී ප්රවාහනයේ යෙදෙන ත්රිරෝද රථ රියැදුරන් සඳහා බලපත්රය ලබා ගැනීමේ වයස් සීමාව අවුරුදු 23 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ත්රිරෝද රථ සංගම් රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ නිලධාරීන් සමග සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සමස්ත ලංකා ත්රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ ලේකම් ටී.ආර්.ආර්. පල්ලි මහතා පැවසුවේ ය.
මේ අතර ත්රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසුවේ ත්රිරෝද රථ නියාමනය සඳහා කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා තවත් යෝජනාවක් ඉදිරිපත් කළ බව ය