කොළඹ ඇතුළු ප්රධාන නගර ලස්සන කිරීමට යැයි පවසමින් ත්රිරෝද රථගාල් ඉවත් කිරීමට ගෙන ඇතිතීරණය වෙනස් කරන්නැයිලංකා ස්වයං රැකියා ත්රිරෝද රථ නියුක්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.
ඒ වෙනුවට රථගාල් සහ ත්රිරෝද රථ සේවාව ප්රමිතිගත කරන්නැයිඑම සංගමයේ සභාපති එස්.ජයවර්ධන මහතා ඉල්ලා සිටියේය.
කොළඹ ඇතුළු ප්රධාන නගරවල ත්රිරෝද රථගාල්වල රැඳී සිටිමින් ත්රිරෝද රථ රියදුරන් 20,000කට ආසන්න ප්රමාණයක් ජීවන රැකියාවේ නිරත වන බවද ඔහු කීය.
සමස්තයක් ලෙස ලංකාව තුළ ලක්ෂ 10කට වැඩි ත්රිරෝද රථ ප්රමාණයක් ලියාපදිංචි කර තිබෙන බවත්, ප්රවාහන සේවාවක් වශයෙන් ගතහොත් ත්රිරෝද රථ සේවාව ලංකාවේ දෙවැනි ප්රවාහන සේවාව බවත් ඒ මහතා පවසා සිටියේය.