ගෙවීගිය කාලය තුළදී ත්රිරෝද රථ සහ ත්රිරෝද රථ අමතර කොටස් මිල 150%කින් ඉහළ ගොස් ඇතැයි ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්රිරෝද රථ සංගමය සඳහන් කරයි.
බදු ඉහළ දැමීම මත ත්රිරෝද රථ සහ අමතර කොටස් මිල ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේය.
මේ අනුව මාර්තු 26 වැනිදා සිට දැනට දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන රුපියල් 40ක මුදල රුපියල් 50ක් බවට පත් කරන බවද ඔහු පවසා සිටියේය.
ඒ අනුව ත්රිරෝද රථ මගීන්ට ලැබී තිබූ එකම සහනය අහෝසි වී යන බවත්, එදින සිට පළමු කිලෝමීටරයේ සිට ගමනාන්තය දක්වා වූ සියලුම කිලෝමීටර්වලට රුපියල් 50 බැගින් අයකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
දැනට පවතින ක්රමවේදයට අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50ක් අයකරන බවත්, දෙවැනි කිලෝමීටරයේ සිට අයකරනු ලබන්නේ රුපියල් 40 බැගින් බවත් හෙතෙම පවසා සිටියේය.