ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ගත් ක්‍රියාමාර්ගවල ප්‍රගතියක් පවතින බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මෙම මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් ඉදිරි සතිවලදී ඩෙංගු රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කල හැකි බවද එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.ලදාහරන් මහතා සඳහන් කළේය.
ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මෙම ඩෙංගු මර්දන වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් හා සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, පසුගිය 22 වැනිදා සිට සතියක කාලයක් ඩෙංගු මර්දන සතිය ලෙස නම්කර ඇති බවද වෛද්‍ය ඒ.ලදාහරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.