ත්‍රිපෝෂ ලබාදීම නවතා දමලා
ගැබිනි මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම මේ වන විට නවතා දමා තිබෙන බවත්, මේ නිසා ත්‍රිපෝෂ හිමි සියලුදෙනාම දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බවත් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය සඳහන්
කරයි.
කර්මාන්ත ශාලාවේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් බව පවසමින් ප්‍රධාන ගබඩාවෙන් ත්‍රිපෝෂ නිකුත් කිරීම මේ වන විට නවතා දමා තිබෙන බවද එම සංගමයේ සභාපති දීප්ති කෞෂානි ජයතුංග මහත්මිය සඳහන් කළාය.
පසුගිය මැයි මාසයේ සිටම ත්‍රිපෝෂ බෙදාහැරීම යම් යම් ප්‍රමාණවලට සීමාවූ බවත්, ප්‍රා‘දේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට මේ වන විට ත්‍රිපෝෂ ලැබී නොමැති බවද කියා සිටියාය.
මේ නිසා ගැබිනි මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට හා අඩු බර සහිත දරුවන්ට ත්‍රිපෝෂ නිකුත් කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නොහැකි වී තිබෙන බවත්, ත්‍රි‘පෝෂ නොලැබීම නිසා මව්වරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමග ගැටුම්ද ඇති කරගන්නා බව සභාපතිනිය සඳහන් කළාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
