චීනයේ සිදුවූ ත්රස්ත ප්රහාරය පිළිබඳව කනගාටුව ප්රකාශ කරමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා චීන ජනපති සි ජින්පින්ග් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ත්රස්තවාදයෙන් ශ්රී ලංකාවද බැට කෑ බවත්, මෙවැනි ආකාරයේ ත්රස්තවාදී ක්රියා අවසන් කිරීමට චීනය ගනු ලබන ඕනෑම ක්රියාමාර්ගයකදී ශ්රී ලංකාව චීනයේ සහායට සිටින බවත් මහින්ද ජනපතිවරයා සිය ලිපියෙන් පවසයි.
එසේම චීනයේ ඇතිවූ ත්රස්ත ප්රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට විශේෂයෙන්ම සිය කනගාටුව ප්රකාශකරන බවත් ජනපතිවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.
පසුගිය සෙනසුරාදා පිහි අතින්ගත් පිරිසක් විසින් දකුණුදිග චීනයේ, කුන්මින්ග් දුම්රිය ස්ථානයේදී සිදුකළ මාරාන්තික පහරදීමක් හේතුවෙන් පුද්ගලයන් 29 දෙනෙකු මියගිය අතර, 143 දෙනෙක් තුවාල ලැබූහ.